*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බාලයන් කඩේ එව්වාට ලංකාවෙන් ඉරානයට පාඩමක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 15, කොළඹ (LNW):

පකිස්තානයේ පැවත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මේ දක්වා කැපී පෙණුනම කණ්ඩායමක් බවට පත්ව සිටි ඉරාන කණ්ඩායම වට 3- 0 ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.ආසියාවේ ප්‍රබලතම වොලිබෝල් ජාතියක් ලෙස සළකන ඉරානය මෙම තරගාවලියට සිය ප්‍රබලතම කණ්ඩායම වෙනුවට ලාබාල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමත් එවා ඇති බව සැළවෙන අතර,තරගාවලියට සහභාගිවන ජාතික කණ්ඩායම් සැහැල්ලුවෙන් සැළකූ ඉරානයට හොඳම පිළිතුර දෙමින් බාලයන් තරගාවලියට එවූ ඉරානයට සියලු කණ්ඩායම් වෙනුවෙන් හොඳ පිළිතුරක් ලබා දුන්නා.
පළමු තරග දෙකේදම අනපේක්ෂිත ලෙස කිර්ගිස්තානයට සහ පකිස්තානයට පරාජය වූ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පළමු ජයෙන් පසුව නව පනක් ලද්දාක් මෙන් මුලු තරගය පුරාම ඉරානය සිය ග්‍රහණයට ගෙන පරාජය කරන්නට සමත් වීම කැපී පෙණුනා.

ලකුණු 25 – 22,25-17 සහ 25 -21 ක් ලෙස ශ්‍රී ලංකාව මෙම තරගයේ ජය අත් කර ගත් අතර මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ ශ්‍රී ලංකාව ටර්කිමෙස්තානය සමඟ පැවත්වෙන තරගය ජය ගතහොත් අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට ඇකි අවස්ථාව නිසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan