බංගලාදේශයට එරෙහිව අද ටෙස්ට් වරම් අපේක්ෂාවෙන් සිව් දෙනෙක්

Date:

අද ආරම්භ වන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා සංචිතයේ නවක ක්‍රීඩකයන් සිව් දෙනෙකුම සිටින බව දැක ගන්නට හැකියි.ඉන් කමිල් මිෂාර සහ කමිදු මෙණ්ඩිස් වෙනත් තරග රටාවන්ගෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතත් ඩිල්ෂාන් මධුශංක සහ සමින්ද ලක්ෂාන් තවමත් කිසිම තරග රටාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කර නැහැ.

වත්මන් ටේස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හත්වන තැන පසුවන අතර බංගලාදේශය සිටින්නේ නව වන තැනයි.නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම් පහත වැටීමක සිටින අතර මේ වන විට රටේ දේශපාලන අස්ථාවර භාවය නිසා ද පුරවැසියන් ලෙස සමස්ත ප්‍රජාව පසුවන්නේ යම් අවිනිශ්චිත තැති ගැන්මකය.ඊට සාපේක්ෂව බංගලිදේශය ක්‍රීඩාවෙන් යම් ප්‍රගතියක් බමින් සිටින අතර රටක් වශයෙන් ද දුෂ්කර කොරෝනා තත්ත්වයට සාර්ථකව මුහුණ දිමෙන් නොනැවතී ශ්‍රී ලංකාව වැනි රටකට ණය දීමට හැකි මට්ටමට සිය ආර්ථිකයද සංවර්ධනය කරගෙන සිටින තත්ත්වය ද පුරවැසියන් වශයෙන් එරට ක්‍රීඩකයන් තුළ යම් අභිමානයක් ඇති කර තිබෙන බව සහතිකය.

කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වෘත්තිමය මානසික මට්ටම ක්‍රීඩාව තුළ කළමණාකරනය කර ගන්නට ලැබෙන හැකියාව මත රටේ බොහෝ ක්‍රීඩාවට කැමති පිරිස් දැඩි අර්බූදයක සහ අසහනයක සිටින මොහොතක යම් සහනදායි සතුටක් ඇති කිරිමට ජයග්‍රහණය ලැබීමේ අවස්ථාවන් පුළුල් කර ගැනීම වැදගත්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...