කිරිපිටි මිල යළිත් ඉහළට – ග්‍රෑම් 400 රුපියල් 1000 පන්නයි !

0
591

ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවතත් ඉහළ නැංවීමට කිරිපිටි සමාගම් කටයුතු කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක රුපියල් 230කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1020ක් වේ. කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 600කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2545 කි.

මේ අතර ළදරු කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1000කට ආසන්න ගණනකින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත් වාර්තා විය.

RN