මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය  සම්පූර්ණ අසත්‍යක් – සාගර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහින්ද රාජපක්ෂ යනු  ජනතාව වෙනුවෙන් බලය අත්හරින්නත් හැකියාව තියෙන නායකයෙක්   බවත් කවරදාකවත්  හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිධූරයට පත් නොකරන බවත්,  එතුමාව එම තනතුරට පත්කරනුයේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ බවත්  පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.05.15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සහයක් දරනවා, ඒ අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කතාවක් සමාජයේ පතුරවමින් හරිනවා. මම හිතන්නේ  මේ වගේ කතාවක් සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වන කොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින්. මේ වගේ  කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත හා ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය තමයි අපිට පේන්නේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා  මහින්ද රාජපක්ෂ කියන්නේ  මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච  ශ්‍රේෂ්ඨතම නායකයා. 

ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 04 ට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක්  නිමා කරලා වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ භාෂාවෙන්  කියනවා නම්  එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය  නෑ. ඒ වගේම ජනතාව වෙනුවෙන්  බලය අතහරින්නත් හැකියාව තියෙන නායකයෙක්. ඒ වගේ නායකයෙක් අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදාව ගෙනල්ලා දාගෙන මේ රටේ තනතුරකට  පත් කරන්නේ නෑ.

එතුමාව  තනතුරට පත්කරනවානම්  අපි අනිවාර්යෙන් අපි එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ මිසක් මේ රටේ  ජනතාවට හොර රහසේ හමුදාවන් දාගෙන එවැනි තනතුරකට ගේන්න කටයුතු කරන්නේ නෑ.  ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය  සම්පූර්ණ අසත්‍ය  කාරණයක් බව පළමුවෙන්ම කියන්න ඕන. මේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න මාතෘකා නැති දේශපාලඥයන් විසින් සමාජගත කරන  බොරුවක් මිසක්, සත්‍යතාවක් තියෙන කාරණයක්  නොවේ”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...