පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කරයි !

0
697

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් අද (15) සිට පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අය මෙසේ ඉවත් කර ඇත.

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම බදාදා (17) සිදුකෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN