සටහන – නිශ්මං රණසිංහ
මැයි 16, කොළඹ (LNW): ආදරේ කරන්න මොන වයසක්ද?ඒක ඕනම වයසක දැනෙන්න පුළුවන් දෙයක්.හැබැයි දැනෙන දේ ආත්මීයව විඳිනවා හැරෙන්න කියන්න බැරි බාධක හමු වෙනවා.ඒවා සමාජීය බාධක වෙන්නත් පුළුවන් ආත්මීය බාධක වෙන්නත් පුළුවන්.ඒ වගෙම සමාජය වෙනුවෙන් පවරා ගත්ත උත්තුංග කාර්යයකදී පෞද්ගලිකත්වය කියන්නෙ මුල් තැන නොදී ඉවත් කළ යුතු දෙයක් වෙන්නත් පුළුවන්.
හැබැයි විඳින මිනිහෙක්ට මේ සියලු අරමුණු වෙනුවෙන් කැපවෙන්න උපක්‍රමශීලී වෙන්න පළල් ආදරයකින් වඩා ප්‍රායෝගිකව වැඩ කරන්න බැරිද?අපි සමාජ ව්‍යාපාර වෙනුවෙන් අලුත් පාරක් හොයාගන්න ඕනි.ඒවා රූප මාධ්‍යයට එනකොට මේ දක්වා ඇවිද ගිය පාරවල්වලින් වෙනස් වෙලා වෙනස් පාරක ඇවිද යන්න පුළුවන්නම් ඒකත් රහ ඇති වැඩක්.
තව විදිහකට මෙහෙම හිතමු.ඔබ මේ දක්වා බලා සිටි දෙසම බලා සිටි කණ්නාඩිය ගලවලා කවුරු හරි වෙනස් මැජික් කණ්නාඩියක් පළඳනවා.ඔබට වෙනස් විදිහකට පේන්න ගන්නවා.අන්න ඒ කණ්නාඩි දෙක හෙට ඉදලා දිවයින පුරා විසුරුවා හරිනවා.ඒ කියන්නෙ මැයි 17 වන දා සිට.කවුරුත් බලහත්කාරයෙන් ඒක ඔබට දාගන්න කියන එකක් නැහැ.ඒත් ඔබ කැමත්තෙන් දා ගත්තොත් පුළුල් තිරයක ඉඳගෙන දෙන්නෙක් මෙච්චර ඉන්ධන ගණන් කාලේ නියම කරන්න බැරි තරම් දුරක් ඔබව ඔබ තුළම අරගෙන යනවා.
ලෝකෙ කොහේ ගියත් ඔබේ ප්‍රතිපත්ති එක්ක ඔබට කරන්න බැරි තරමෙ සංවාදයක් වගෙම ඔබ දැකපු මාර්ගයෙ ඔබ අතහැරපු ලස්සන තැන් කොච්චර තියෙනවද කියන එකත්,ඔබ ආදරෙන් සිප ගත් රතු රෝස මල්වල නොදැකපු කටු,ඒවයෙන් තුවාල වෙලා කියලා නොදැන හිටපු තැන් කොච්චර තියෙන්න පුළුවන් ද කියලත් දැකගන්න වගේම දැන ගන්නත් පුළුවන්.
විනාඩි 90 ක් ඔබ වෙනුවෙන් කතා කරන දෙන්නෙක්,විනාඩි 90 ක් දෙන්නෙක් වෙලා කතා කරන ඔබ.ඒත් බර දැනෙන තරමටම දැනෙන සරල සුන්දර ආමන්ත්‍රණයක්.රූප විතරක් නෙමෙයි හඬවල් ද පැහැදිළිව දනවන අපැහැදිළිකම් ගොඩක් අස්සෙ ඔබට ඔබවත්,ඔබේ අනෙකාවත් දැකිය හැකි කාලයක්.මේ සියල්ල “මයි රෙඩ් කොමරේඩ්” ට මට හිතෙන හැටියට ගැලපෙනවා.සම්ප්‍රදායම මදි ඔබට ගැලවෙන්න, අනෙකාව ගලවන්න.හිතන්න ආස කෙනෙක්ට සුදත් මහදිවුල්වැව අමුණන රූපවල තියෙන රහස දැනගන්න හෙට සිට ලංකාවේ වටේම මයි රෙඩ් කොමරේඩ් ඒ රහස කියා දෙන්න ඇවිදිනවා.
ඒක මැජික් එකක් නෙමෙයි.ඒත් මැජික් කියලා හිතෙන අපේ ජීවිතය.ලොජික් එකක් හදාගන්න මැජික් නොවී ජීවත්වෙන්න රෙඩ් කොමරේඩ් වැදගත් වෙයි.


