බේස්බෝල් සූරතාවය යුද හමුදාවට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 16, කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී නාවික හමුදාව පරාජය කරමින් ලකුණු 4 – 3 ලෙස ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි. හෝමාගම දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී තෙවන ස්ථානය දිනා ගත්තේ රෝයල් බ්ලූස් කණ්ඩායම පරාජයට පත් කරමින් රණබිම ක්‍රීඩා සමාජයයි.

මෙම තරගාවලියේ විශේෂ දක්ෂතා බෙදී ගියේ පහත පරිදිය.
Best Batter (දක්ෂතම පිතිකරු) – නිරෝෂන් ශ්‍රියාරත්න (යුද හමුදාව)
Best Pitcher( දක්ෂතම පන්දු යවන්නා) – යසරුවන් කළුආරච්චි (නාවික හමුදාව)
Best fielder (දක්ෂතම පන්දු රකින්නා) – Y.T.පුෂ්පකුමාර (නාවික හමුදාව)
Most valuable player (තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා) – ඉරේෂ් කෝසල ( යුද හමුදාව)

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Gozalez Garrido මහතා සහ chelcy holdings සමාගමේ අධිපති වෛද්‍ය හර්ෂ ගමගේ මහතා ද සහභාගි විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ ගම්මන්පිල, ලේකම් මාක් ෆොන්සේකා,මනෝජ් ප්‍රනාන්දු,රජිත් රත්නායක,සුභාශ් ගුණසිංහ, සුගත් රත්නායක, චතුරංග රණසිංහ යන නිලධාරීන් ද සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...