හිටපු ජනාධිපති මහින්ද විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කලා – ඩලස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): අද, 16 දින නාවල “නිදහස” ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය ඇමතූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ, 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටියේ ජාතික සම්පත් විකිණීම මේ මැතිවරණ කාල සීමාව තුළ වහාම නතර කරන ලෙසයි. පැය 72 ක් තුළ එයට දරුණු ලෙස ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සිදු කළේ, IMF සමග වූ එකඟතාවය අනුව, ප්‍රතිව්‍යුහකරණය නමින් රාජ්‍ය සම්පත් පුද්ගලික කරණය කිරීමට  අදාල ගිවිසුම් නීති ගත කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ පනත නමින් (Economic Transformation Bill) නමැති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එසේම, එය නුදුරු කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතියක් බවට පත්කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවත්, පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් විසින් තම පරමාදර්ශී නායකයා ලෙස හඳුන්වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය විසින් කොතරම් අසරණ තත්ත්වයකට ඇද දමා තිබේදැයි මෙමගින් මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. “මහින්ද චින්තන” සහ “සෞභාග්‍යයේ දැක්ම” පලිහක් කොටගෙන Regaining  Sri Lanka නමින් හැඳින්වූ ජනතාව ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම අප්‍රසන්න සහගත විහිළුවකැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙලෙස ජාතික සම්පත් උණු කොල්ලයට විජාතිකකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි අවධාරණය කළේය.

ළමා අපචාර සම්බන්ධයෙන් තමා විසින් පසුගිය දින පාර්ලිමේන්තුවේ දී මතුකල ප්‍රශ්නයකට ලැබුණු පිළිතුර අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ළමා අපයෝජන වලට අදාල නඩු විසිදාස් හැත්ත පහක්(20,075) විභාග වන බව ද  2023 වර්ෂය තුළ පොලිසියට සහ ළමා රක්ෂණ අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9436 ක් බවද පෙන්වා දුන්නේය. ඒ අනුව, මෙරට තුළ දිනකට සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව 26 කි. එසේම, පොලිස් තොරතුරු වලට අනුව, සිදුවන ළමා අපචාර වලින් වාර්තාවන්නේ දහයෙන් හතරක් පමණකි. එය සැබෑවක් නම් දිනකට රට තුළ සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව 104 ක් වේ. එසේ නම්, දිනකට සිදුවන  ළමා අපයෝජන සංඛ්‍යාව 104කි. වසරකට ලක්‍ෂ නවයකි. මෙයින් පැහැදිලි වෙන්නේ ලෝකයේ ළමා අපචාර වැඩියෙන්ම සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි. මැතිවරණ දේශපාලනයෙන් බැහැරව ජාති ආගම් කුල ගෝත්‍ර බේද වලින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස ලජ්ජාවට කණගාටුවට පමණක් නොව මහත් භීතියට ද පත්විය යුතු බවද කීය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා  කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්ක සපුරා ගැනීම සඳහා ලැජ්ජා විරහිතව ඉදිරියට පැමිණීමක් බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...