පළමු වරට විභාග කොමසාරිස් ජනරාල්වරියක් !

Date:

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

පළමු වරට මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය , විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගෙන ඇත.

මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක්ද වේ.

තවද, එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක් ද වන අතර කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධූරය හා විදුහල්පතිධූරයත් හොබවා ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...