ජොනී, දේශබන්දු, කහඳගම, ඩෑන් ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

Date:

මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‌ව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැකකරුවන් අතර වේ. මීට අමතරව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් යන පුද්ගලයන්ද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

අදාල පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාල උධෘත නීතිපතිවරයා වෙත යොමුකර තිබූ අතර අදාල උධෘත සළකා බැලීමෙන් අනතුරවු නීතිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...