විමල්ගේ අයථා වත්කම් නඩුවට වසර 6ක් ගියත් තවම නඩු විභාගය ආරම්භ වී නෑ !

අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු පවරා මේ වනවිට වසර 6ක් ගතවී ඇතත් මේ දක්වාම එම නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළාය.

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු සමයේදී සිය නීත්‍යානුකූල ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුවට අදාළව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2017 වසරේදී ය.

මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට අදාළව පැමිණිලි පාර්ශ්වය ලිඛිත දේශන ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ මෙම ප්‍රමාදය සලකා බලා විත්තියේ මූලික විරෝධතා සම්බන්ධයෙන් කඩිනමින් තීන්දුවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික දේශන ඉදිරිපත් කිරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව ලබන ජුනි 16 වැනිදා කැඳීවීමට නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...