සජිත්ගේ “සක්වල” 187 වැනි ස්මාර්ට් පන්ති කාමරය තඹුත්තේගම මුදුනේගම මහා විද්‍යාලයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහනේ 187 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් අනුරාධපුර කලාවැව තඹුත්තේගම මුදුනේගම මහා විද්‍යාලයට ලබා දීම මැයි 15 වැනි දින සිදුකෙරිණි.

විපක්ෂ නායකවරයා මෙහිදී එම පාසලේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව මෙම “සක්වල” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මීට පෙර වැඩසටහන යටතේ පාසල් 186කට සුහුරු පන්ති කාමර ලබාදී ඇති අතර පාසල් 87කට බස් රථ ලබාදී තිබේ. ඒ සඳහා වැයකර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 6200 ඉක්මවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...