පළාත් පාලන බලය පිහිටුවීම : අපි සල්ලි දෙන එක නෙවෙයිනෙ ප්‍රශ්නෙ, විපක්ෂෙ මන්ත්‍රීලා සල්ලි ගන්න එකයි ප්‍රශ්නෙ – ඇමති සරත්

ප්‍රශ්නය ඇත්තේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් මුදල් දී මන්ත්‍රීවරුන් බා ගැනීමට තැත්කිරීම නොව මුදල් ලබාගෙන සහාය දැක්වීමට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

ප්‍රශ්නය – ආණ්ඩු පක්ෂය මුදල් දීලා මන්ත්‍රීවරු බාගෙන සභාවල් පිහිටුවන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තක්ද ?

“ඉතින් ආණ්ඩු පක්ෂයෙන් මුදල් ගන්න එවුන්නෙ මාර ප්‍රශ්නෙ තියෙන්නෙ. ගන්නෙ අපේ පක්ෂෙ අය නෙවෙයිනෙ. ගන්නෙ සජබෙන් නෙ. ගන්නෙ පොහොට්ටුව නෙ. ගන්නෙ ….. පුටුව නෙ. යකෝ තමන්ගෙ පක්ෂවල දාපු එවුන්, ඒ තරම් දුර්වලයෝ දැම්මෙ මොකටද ? අපිට ප්‍රශ්නයක් නෑ. අපි සල්ලි දෙන එක නෙවෙයිනෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. සල්ලි ගන්න එන එවුන් කවුද කියලානෙ බලන්න ඕනෙ. තමන්ගෙ පක්ෂෙ ඇතුළෙ ඉන්න මිනිහාව පාලනය කරගන්න බැරිව ලෝක විහිළු දෙන්න එපා කියන්න. ජාත්‍යන්තරයටත් ඕක හොඳ නෑ එච්චර”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...