මහජනතාව පීඩාවට පත් කරන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් දෙන්නෑ. ඒවාත් එක්ක හැප්පෙනවා – ඇමති ප්‍රසන්න

Date:

මහජනතාව පීඩාවට පත්කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ අරගලය මෙන්ම එවන් කිසිදු වෘත්තීය සමිති අරගලයක කිසිදු ඉල්ලීමක් ලබානොදෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

“ඔය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා තමයි දුම්රිය ගමනාගමනය කඩාකප්පල් වෙලා තියෙන්නෙ. මේක අවුරුදු හයක් විතර තිස්සේ ඇදීගිය ප්‍රශ්නයක්. මේක දේශපාලනය මැදිහත් වියයුතු දෙයක් නෙවෙයි, මේක පරිපාලන ගැටලුවක්. ඔවුන්ගෙ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් ශ්‍රේණි උසස්වීම්, අනිත් එක නව බඳවා ගැනීම් පටිපාටිය අනුව බඳවාගැනීම. ස්ථානාධිපතිවරුන් කරන චෝදනාව පැත්තෙන් බැලුවොත් 100%ක් එකඟයි. දුම්රිය පරිපාලනය පීලි පැනලා තියෙන්නෙ. අපේ රජය ජනවාරි 09 වෙනිදා කැබිනට් සංදේශයක් යොමුකළා දුම්රිය බඳවාගැනීම් 909ක් අනුමත කරන්නවා ස්ථානාධිපතිවරු, රියදුරන්, ගාඩ්ලා හැම වර්ගයකම. හැබැයි අද වෙනකලුත් එක අයෙක්වත් බඳවාගන්න සමත්වෙලා නෑ. එතකොට පැහැදිලිවම පේනවා දුම්රිය පරිපාලනය අකාර්යක්ෂමයි. වෘත්තීය සමිති පැත්තෙන් බැලුවොත් පෞද්ගලිකව එකඟ වෙන්න බෑ කිසිම හේතුවක් නිසා මහජනතාව අපහසුතාවට පත්කරලා තමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යෙදෙන ක්‍රියාමාර්ගවලට. ඒක රජයක් විදියට සම්පූර්ණයෙන්ම පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ඔයිට කලිනුත් ස්ට්‍රයික් කළානෙ. තෙල් පොම්පකරන ෂෙඩ්කරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැළුණා. හම්බුණාද කිසිදෙයක් ? නෑ. CTB නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැළුණා. හම්බුණාද කිසිදෙයක් ? නෑ. අපි කවදාවත් මහජනතාව පීඩාවට පත් කරගෙන ඉල්ලන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් දෙන්නෙ නෑ. කිසිවක් දෙන්නෑ, ඒකත් එක්ක හැප්පෙනවා”

ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (මැයි 17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...