හොඳම පන්දු යැවීම රවිඳු ප්‍රනාන්දුගෙන් අර්ධ ශතක පහක් වාර්තා වෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන පන්දු වාර 20 තරගාවලියේ ආරම්භක තරගවලදී ජය වාර්තා කරන්නට බීආර්සී බ්ලූම්ෆීල්ඩ්,එන්සීසී,සීසීසී,කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සමත් වුණා.මේ අතරින් පන්දු යැවීමේදි සිය ප්‍රතිවාදීන්ට ඉහළම තර්ජනය ඇති කළ කණ්ඩායම හැටියට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කැපී පෙණුනා.ඔවුන් සිය ප්‍රතිවාදීන් වූ නුගේගොඩ ක්‍රීඩා සමාජය ලකුණු 57 ට දවා ගත් අතර එහිදී රවිඳු ප්‍රනාන්දු ලකුණු 5 ට කඩුලුල 4 ක් දවා ගනිමින් සතියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නට සමත් වුණා.ඔහුට නොදෙවැනි පන්දු යැවීමක් කළ දුලාජ් සමුදිත ද කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.දුලාජ් ඒ වෙනුවෙන් ලබා දී තිබුණේ ලකුණු 13 ක් පමණයි.


සතියේ ප්‍රවේගකාරීම ඉණිම වාර්තා කරන්නට සමත් වුණ බීආර්සී ක්‍රීඩා සමාජයේ මාවින් සුබසිංහ පන්දු 27 දී ලකුණු 72 ක් ලබා ගනිමින් බීආර්සි ලකුණු පූවරුව පන්දු ඕර් 20 අවසානයේදී ලකුණු 160 දක්වා ගෙන යන්නට දායකත්වය ලබා දුන්නා.ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ සිනෙත් ජයවර්ධන පන්දු 36 දී ලකුණු 61 ක් රැස් කරත් එම තරගයේ ජය හිමි වුණේ මුවර්ස් ක්‍රීඩා සමාජයටයි.මුවර්ස් ක්‍රිඩා සමාජය වෙනුවෙන් එතරම් ප්‍රහාරාත්මක නොවුණ සනෝජ් දර්ශික පන්දු 42 දී නොදැවී ලකුණු 56 ක් ලබමින් තරගයේ ජය මුවර්ස් කණ්ඩායමට දිනා දුන්නා.


සිනෙත්ට සහ සනෝජ් ට අමතරව කුරුණෑගල තරුණ ක්‍රිඩා සමාජයට එරෙහිව එන්සීසි ක්‍රිඩා සමාජයේ ලහිරු උදාර පන්දු 25 දී ලකුණු 56 ක් ද,පැතුම් නිශ්ශංක පන්දු 21 දී ලකුණු 50 ක් ද රැස් කරමින් අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වුණා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...