භාරතීය මහා පත්‍රකලාවේදී ආචාර්ය වික්‍රම් රාඕ දිවියෙන් සමුගනී!

Date:

කොළඹ LNW:ඉන්දියාවේ ප්‍රථම මාධ්‍යවේදී වෘත්තීය සමිතිය වූ (1950) ඉන්දීය වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (Indian Federation of Working Journalist ) සභාපති ලෙස දිගු කලක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය වික්‍රම් රාවෝ මහතා (88) පසුගිය දා සිය දිවි ගමන නිමා කළේය.

නොබැඳි ලෝකයේ විශාලතම මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන Indian Federation of Working Journalist ආයතනය ඉන්දියාවේ පැරණිතම සහ විශාලතම මාධ්‍යවේදීන්ගේ ආයතනය වන අතර, ප්‍රාන්ත 29 ක සහ යුනියන් ප්‍රදේශවල සඟරා, ප්‍රවෘත්ති ආයතන සහ රූපවාහිනී ජාලයන් 1,260 කට අධික සංඛ්‍යාවක ජනමාධ්‍යවේදීන් (50,000) පනස් දහසක ගෙන් සැදුම් ලත් සංවිධානයකි. විසින් සේවය කරනු ලැබේ.

පුවත්පත් කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු, විකාශකයෙකු සහ රූපවාහිනී නිවේදකයෙකු වූ කේ. වික්‍රම් රාඕ මහතා වසර 45 ක් මුළුල්ලේ සිය මාධ්‍ය ජීවිතය ගෙන ගිය අයෙකි.

ඉන්දීය ප්‍රවෘත්තිකරුවන්ගේ මාසික පුවත්පත වන Working Journalist පුවත්පතේ ප්‍රධාන සංස්කාරක වූ ඔහු, ඉංග්‍රීසි, හින්දි, තෙළිඟු සහ උර්දු දිනපතා පුවත්පත් 215 ක් සඳහා කාලීන සිදුවීම් පිළිබඳ තීරු ලිපි රචකයෙක් ලෙස ද කටයුතු කර ඇත. ඔහු Voice of America හි දකුණු ආසියානු කාර්යාංශයේ (හින්දි සේවය) වාර්තාකරු ලෙස ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මාධ්‍ය ජාලයේ ද ක්‍රියාකාරිකයකු විය .

අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පිහිටුවන ලද මාධ්‍යවේදීන් සඳහා වන වත්මන් වැටුප් මණ්ඩලයේ ද මධ්‍යම මාධ්‍ය ප්‍රතීතන කමිටුවේ (PIB), තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ ද ඉන්දියාවේ ව්‍යවස්ථාපිත මාධ්‍ය කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද රාඕ මහතා කටයුතු කර ඇත.

නවදිල්ලියේ උපත ලැබූ වික්‍රම්, සමාජ විද්‍යාව, ඉංග්‍රීසි සහ සංස්කෘත සාහිත්‍ය පිළිබඳ උපාධියක් ලබා පසුව ලක්නව් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

වික්‍රම රාවෝ මහතා ඉන්දියාවේ පමණක් නොව මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සාක්ෂරතාව සහ ගරුත්වය ඉහළ නැංවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි. අපගේ මහා පත්‍ර කලාකුරු ඩී.එෆ්.කාරියකරවන මහතා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තිය සමිතියක් (ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය හෙවත් වර්තමාන ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය) ප්‍රථම වරට මෙරට පිහිටු වූයේ තම සමීපතම සහෝදර වෘත්තීය සගයෙකු වූ වික්‍රම් රාඕ මහතා ලබාදුන් උපදෙස් මත බවත් ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය යන නම ලබා ගත්තේ ද වික්‍රම් රාඕ මහතා නායකත්වය දුන් ඉන්දීය වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සම්මේලනය අනුව යමින් බව එතුමාගේ “දසක සතක මතක” පොතේ ලියා ඇත.

බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සම්මේලන,සමුළු හා නියෝජිත හමුවලදී වික්‍රම් රාඕ මහතා ඩී.එෆ්.කාරිය කරවන මහතාට සහ ශ්‍රී ලංකා නියෝජනයට විශාල ගෞරවනීය ඉඩක් ලබා දුන්න ආකාරය ද ඔහු එහි සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනමාධ්‍යවේදී සහයෝගිතා ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවස්ථා සලසා දීමේ දොරටු විවර කර දුන්නේ වික්‍රම් රාඕ මහතා බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ වික්‍රම් රාඕ මහතාගේ අභාවය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...