පාර්ලිමේන්තුව අද රැස්වෙයි. උදෙන්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක්

පවතින දේශපාලන අර්බුදය හමුවේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්වීමෙන් අනතුරුව පළමු වරට අද (17) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීමෙහි වෙනසක් ද අද දිනයේදී සිදු කෙරෙනු ඇති අතර මෙතෙක් විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයෙහි අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගනු ඇති.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද ආණ්ඩු පක්ෂයෙහි ඉදිරිපෙළ ආසනයක් වෙන් කෙරෙනු ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පෙරවරු 08.30 ට කැඳවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...