රෝහිණී කවිරත්න නිතරගයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට …

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර සිටින රෝහිණී කවිරත්න මහත්මිය නිතරගයෙන්ම එම තනතුරට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එසේ වුවහොත් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවේ.

කෙසේවෙතත් අද (17) දිනයේදී එවන් කිසිදු ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ නොපැවැත්වෙනු ඇති අතර රෝහිණී කවිරත්න මහත්මිය අදාළ තනතුරට නිතරගයෙන් පත්වෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...