ඉන්ධන පිරවුම්හල් දිසාපතිවරුන් යටතට – අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය

0
745

රටතුළ මතුව ඇති ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු හඳුනා ගත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය හිමි වේ.

මේ සඳහා සෑම දිස්ත්‍රික්කයකම හඳුනා ගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වෙන් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මෙම තීරණය අද සිට ක්‍රියාත්මක වේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන් කරන ඉන්ධන පිරවුම්හල් ඒ ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පත් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.

UN