ඇමරිකා එක්සත් ජනපදය පුරා ඇති ව ඇති කුනාටු තත්වයන් හේතුවෙන් 25 දෙනෙකු ජිවිතක්ෂයට

0
350

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය හරහා හමා යන කුනාටු තත්වයක් හේතුවෙන් මිසූරි සහ කෙන්ටකි හි 25 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම කුනාටු තත්වය සිකුරාදා(15)දින සිට වර්ධනය වූ අතර මිසූරි, කෙන්ටකි, ඉලිනොයිස්, ලෝරල් සහ ඉන්දියානා හි ග්‍රේට් ලේක්ස් කලාපය මෙන්ම ටෙක්සාස් යන කලාප වල ටොනේඩෝ තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි හා විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව හා දේපළ හානිය ක්ෂණිකව වාර්තා නොවන මුත් කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශවල සැලකිය යුතු පිරිසක් ඇති බවයි සඳහන් වන්නේ,