සභාවල බලය කිසිසේත් විපක්ෂයට දෙන්නේ නෑ, අපි ගන්නවාමයි. බැරිම වුණොත් කොමසාරිස්ලා දානවා – ඇමති රුවන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට විපක්ෂයට කිසිසේත්ම ඉඩ නොතබන බවත් අවශ්‍ය වුවහොත් කොමසාරිස්වරුන් පත්කර ඔවුන් හරහා එම ආයතන පාලනය කිරීමට ආණ්ඩුවට කටයුතු කළ හැකි බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ප්‍රශ්නය – කොළඹ ඔබතුමන්ලාට තියෙන්නෙ 48 යි. තව 11යි මදි. නමුත් සජබ බලය පිහිටුවන්න හදනවා 29ක් එක්කහු කරගෙන ?

“අපි බලමු බලය පිහිටුවනකොට කොහොමද 50% ඒගොල්ලො හදාගන්නෙ කියලා. අපි රජය විදිහට අපිත් මැදිහත් වෙනවා, මැදිහත් වෙලා මේ බලය පිහිටුවන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩත් තියෙනවා. අපි දන්නවා කොමසාරිස්වරු හරහා අපිට ඕනෙ නම් මේ පළාත් පාලන ආයතන දුවවන්න පුළුවන්. අපි කිසිසේත් මේ අවස්ථාව විපක්ෂයට ලබාදෙන්නෙ නෑ, අපි ඒකට මැදිහත් වෙලා අපි ඒ බලය ලබාගන්නවා”

ප්‍රශ්නය – ඔබතුමාලා ඔවුන් බලය ගත්තොත් අනිවාර්යයෙන්ම කොමසාරිස්වරයෙක් පත්කරලා මේවා විසුරුවා හරිනවාද ?

“ආණ්ඩුවට කොළඹ මහ නගර සභාවෙ බලය ලබාගන්න අවශ්‍ය කටයුතු අපි කරනවා”

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ තිස්සමහාරාමෙදී ඔබතුමාලාට කරපු දේ අවශ්‍ය නම් අපිත් කරලා දානවා කියලාද ?

“ඔව්, අවශ්‍ය වුණොත් අපිට කරන්න පුළුවන්”

රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...