ලොක්කො කර ඇරිය, කොල්ලො කර දුන්න ගමණක,පරාජයෙන් ගැලවුණ අසීරු තරගයක්

Date:

නිශ්මං රණසිංහ මැයි 18, කොළඹ LNW:

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේදි ශ්‍රී ලංකාව නොසිතූ අභියෝගයකට මුහුණ දෙමින් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ ලකුණු 7 – 6 ක් ලෙසය.ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් හමුවේ මෙවැනි අභියෝගයක් නිර්මාණය වීමට සහ ඉන්දියාව ඉදිරියේ පරාජය වීම වැනි කාරණා නිසා ඇතිවන අපකීර්තිය ක්‍රිඩා පිටියේ විදන්නට සහ ඉතිහාසයේ සිය නමට ලියා ගන්නට වන්නේ ක්‍රිඩකයන්ට වුව ද මේ පරාජයන් සඳහා වගකිව යුතු වන්නේ බේස්බෝල් පරිපාලනය ය.

පුහුණුවීම් පසෙක තබා බේස්බෝල් පරිපාලනයේ නොසැළකිල්ල සහ දුර්වලකම නිසා
කල් වේලා ඇතිව ඉරානයේ පැවත්වෙන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් අවශ්‍යය වැඩ කටයුතු සිඳු නොවූ නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය නොලද ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයින්ට, ඉරානයට යාම සඳහා වෙහෙසීම හැරෙන්නට,ඉරානයේ ගොස් ක්‍රීඩා කරන්නට පුහුණුවීමට වෙලාවක් සොයා ගැනීමට ඉඩක් නොලැබිණ.බටහිර ආසියානු තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතියට දායක වූ තරගකාරී තරගාවලියකි.


එහෙත් විවිධ ක්‍රීඩාවන්වලට කරන ලද හානිය නිසා එම ක්‍රිඩාවන්ගෙන් ඉවතට විසි කර දමන ලද පිරිස් කුමන හෝ ක්‍රීඩාවක පරිපාලනයේ එල්ලි තමන්ගේ තත්ත්වය රැක ගැනීමට දරණ උත්සාහයේ දි බිල්ලක් ලෙස හසු වූ බේස්බෝල් පසුගිය සංචාරවලදී ද පරිපාලනයෙන් ලැබූවේ කුසීත දිරි ගැන්වීමක්ය.වත්මන් සභාපතිවරයා වෙනත් ක්‍රීඩාවක් වෙනුවෙන් පසුගිය ආසන්න කාලය තුළම ක්‍රීඩා අමාත්‍යවරයා සමග සමීපව වැඩ කටයුතු කරමින් සිටියත්,ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට අදාළ මෙම වැදගත් සංචාරය ගැන නොදොඩා නොසළකා හැර,අමාත්‍යංශ අනුග්‍රහයට අවශ්‍යය ලිපි ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ අවශ්‍යය කාලය පසු වී බවත්,එම වරද සපුරා බේස්බෝල් පරිපාලනයේ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙකුම පැවසීය.
එහෙත් මෙවැනි රටත්,රටේ ක්‍රීඩාවත්,ඒ වෙනුවෙන් මුහුණ දෙන ක්‍රීඩකයනුත් අපහසුවට,ලැජ්ජාවට,අපකීර්තියට පත් කරන ක්‍රීඩා පරිපාලකයන්ට දඬුවම් දීමක් අපේක්ෂා කළ නොහැකිය.සමහර විට ඊට ආශිර්වාද කරමින් ව්‍යවස්ථාව පවා වෙනස් කරමින් පරිපාලන අවස්ථා පුළුල් කිරීමට මහන්සි වෙන තත්ත්වයක් ඇති විය හැකිය.ඒ අයුරෙන් බලන කළ බේස්බෝල් ක්‍රීඩකයින් දන්නා කියන හිතවතුන්ගෙන් ලබා ගත් අනුග්‍රහ යටතේ මේ සංචාරයට සහභාගි වී ලබා ගන්නා පරාජයන්වල වගකීම ක්‍රීඩකයින්ටම පවරා නිලධාරීන් මහත්වරු ලෙස පිළිගැනීමටද ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...