ඉසිපතනෙට ජය!

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

කොළඹ ඉසිපතන විද්‍යාලය අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9ක් ලෙස පරාජය කළේය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 7-6ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ සිටිමිනි.

ජයග්‍රාහී ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2ක් හා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් අතර, ත්‍රිත්ව විද්‍යාලය දඬුවම් පහර 2ක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය.

ඒ අනුව ඉසිපතන විද්‍යාලය ජය හිමිකර ගත්තේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...