ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:දොම්පේ ප්රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්රාමාත්යවරිය එකඟ වී තිබේ.
ඒ, අද (18) පෙරවරුවේ අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය අතර පැවති සාකච්ජාවේදීය.
අගමැතිවරියගේ එම පොරොන්දුව සමඟ මල්වාන නිවසේ රැඳී සිටින සිසුන් ඉවත් වන බව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිදු පෙරේරා මාධ්ය වෙත පැවසීය.
කෙසේවෙතත් එම පොරොන්දුව ක්රියාත්මක වී විශ්ව විද්යාල සිසුන්ට එම ප්රතිඵල අත්විදීමට ලැබෙන තුරු සටන් ගෙනියන බවද අන්තරේ කැඳවුම්කරු අවධාරණය කරන ලදී.
මේ අතර විශ්ව විද්යාල පද්ධතිය තුළ පවතින අධ්යයන සුබසාධන ගැටළු සම්බන්ධයෙන්ද අගමැතිවරිය සමඟ අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ නියෝජිතයින් සාකච්ජා කර තිබේ.
එහි ප්රතිඵලයක් ලෙස විශ්ව විද්යාල ශිෂ්ය නේවාසිකාර 13ක් ඉදිකිරිම වෙනුවෙන් රු. මිලියන 2000ක ව්යාපෘතියක් වෙනුවෙන් යෝජනවක් එළඹෙන අයවැයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවද සසිඳු පෙරේරා ප්රකාශ කළේය.


