අගෝස්තු මාසය වන විට මෙට්‍රෝ ට්‍රාන්සිට් සඳහා නව බස් රථ 104ක්

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

රටේ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සඳහා නව බස් රථ 104 ක් ආනයනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අද (18) ගිවිසුමක් අත්සන් කළේය.

බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්ගලික) සමාගම අතර ගිවිසුම අත්සන් කරන ලදී.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ගිවිසුම් හුවමාරුවට සහභාගී වූහ.

ගිවිසුමට අනුව, අගෝස්තු මාසයේදී බස් රථ මෙරටට පැමිණීමට නියමිතය. නව ඇණිය ශ්‍රී ලංකාව පුරා පොදු ප්‍රවාහන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිලධාරීන් පැවසීය.

මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී. එම්. පියතිලක සහ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...