හැරීගේ බල්ටිය පිටිපස්සේ කිරි සහ වී ?

Date:

ඊයේ පෙරේදා දවසක හැරී කෙනෙක් ලොක්කාගෙ පැත්තට බල්ටියක් ගැහුවානේ … පොර බල්ටිය ගහපු දා ඉඳන් මාධ්‍ය සාකච්ඡා තිය තියා සෑහෙන්න හයිලයිට් වෙන්නත් දඟළනවා. මීඩියා මෑන්ස්ලා ටික්කුත් පොරගෙ බයිලා කරේ තියන් දුවන්න සෙට් වෙලා ඉන්නවා කියලාත් පේනවා.

ගිය පාර කතිර ගැහිල්ලෙන් පැරදිලා ගෙදරට වෙලා ඉඳපු පොරට හදිසියේම ලොක්කාගෙ හොඳකම මතක් වෙලා ‘සත්‍ය අවබෝධ වෙලා’ තියෙන්නේ පරණ කේස් වගයක් පත්තු වේගෙන යන නිසා කියලා ආරංචියි.

වී විකුණන මණ්ඩලයක් පැත්තෙන් පත්තු වෙලා තියෙන සීන් බරපතළයි ලු. පොරගෙ ලෝක ප්‍රසිද්ධ කිරි හරක් කේස් එකත් සෙල්ලම් නැහැ ලු. යහපාලනයක් කොරන්න ගිය ආණ්ඩුවේ හිටපු කඳ පණු ඩයල් අතරින් හැරීත් එක්කෙනෙක් තමා බලන් ගියාම.

කොහොමත් මේ දවස්වල වැඩියෙන්ම ලොක්කාගෙ ගුණ කියාගෙන ඕනෑවට වඩා නටන ඩයල් සැලකිය යුතු කොටසක් ඔහොම තමා ඉතින් …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...