*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/18

  1. රජයේ ප්‍රතිපත්ති වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කිරීම මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති ඉලක්ක ද පසුකරමින් ආර්ථික සෞභාග්‍යය කරා ළඟා වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: රටේ ආර්ථිකය සහ තම අනාගතය පිළිබඳ තරුණ ප්‍රජාව විසින් මතුකර ඇති කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ද පහදයි: අතීතයේ සිදුවූ වැරදි නැවැරදි කර ගැනීමට රටට හැකි බව ද පවසයි.
  2. විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිශ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, සහ සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත වරක් විශේෂ ගැසට් පත්‍රයකි නිකුත් කර තිබේ: මීට ඉහත, 2022 අගෝස්තු සිට 2023 පෙබරවාරි දක්වා අවස්ථාවන් කිහිපයකදී ම ජනාධිපතිවරයා විසින් මෙම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරන බව ප්‍රකාශ කර තිබිණි.
  3. රුසියාවේ තාක්ෂණික සහාය ඇතිව 2032 වන විට මෙරට පළමු න්‍යෂ්ඨික බලාගාරය ස්ථාපිත කළ හැකි බවට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු නිවේදනයක දැක්වෙයි: බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධීක්ෂණ කමිටුවේ දී මෙම නිවේදනය සිදුකර ඇත.
  4. “තම ණය ගෙවීම” සඳහා මැයි 15 වන දින වන විට රු. බිලියන 189 ක් මුද්‍රණය කිරීමට රජය කටයුතු කරයි: මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ධුරකාලය තුළ “මුද්‍රණය කර ඇති” සමස්ත මුදල් ප්‍රමාණය රු. බිලියන 1,061 තරම් වූ අතිවිශාල මුදලක් වන අතර, එය වසරකට වැඩි කාලයක් තුළ මුද්‍රණය කළ රුපියල් ට්‍රිලියනයකට එහා ගිය මුදලකි: මෙතරම් මුදලක් මුද්‍රණය කර තිබෙන්නේ, ද්විපාර්ශ්වික හා පෞද්ගලික ණය හිමියන් නිසා විදේශ ණය නොගෙවා සිටින පසුබිමක සහ බදු 200% කින් ඉහළ දමා ඇති වාතාවරණයක් තුළ බව විශ්ලේෂකයහු පෙන්වා දෙති; දරුණු ආර්ථික කඩාවැටීමක් සිදුවනු ඇති බවට අනතුරු අඟවති.
  5. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත්කර තිබේ: ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඌව පළාත් ආණ්ඩුකාර; පී.එස්.එම්. චාර්ල්ස් උතුරු පළාත් ආණ්ඩුකාර; සෙන්තිල් තොණ්ඩමන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර.
  6. එළඹෙන ඉරු දින තමා යළි දිවයිනට පැමිණෙන බව, තමා ‘දෙවියන්ගේ දිවැසිවරයා’ යැයි හඳුන්වා ගන්නා කොළඹ ග්ලෝරියස් දේවස්ථානයේ පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු පවසයි: ප්‍රනාන්දු නැමැත්තා ආගම්වලට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශ සිදුකළේ යැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්ව සිටින අතර අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට පත්වීමට නියමිතය: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ප්‍රනාන්දු නැමැත්තා හෝ නූතන දේවගැති දිවැසිවරුන්ගේ ව්‍යාපාරයේ ‘ගොඩ්ෆාදර්’ ලෙස හැඳින්වෙන සිම්බාබ්වේ හි පැස්ටර්වරයකු වන ඌබර්ට් ඒන්ජල් නැමැත්තා සමඟ තමාට සබඳතා ඇතැයි එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරයි; කෙසේවෙතත්, තමා අග්‍රාමාත්‍යධුරය හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යධුරය දරන සමයේ ප්‍රනාන්දු නැමැත්තා තමා මුණ ගැසීමට එක් වරක් පැමිණි බව පිළිගනියි.
  7. ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ ඇති ගැටළු සහ දේශපාලන අතපෙවීම්වලට අදාළ ලෝක රග්බි අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම සැලකිල්ලට ගෙන වහා ක්‍රියාත්මක වන පරිදි ලෝක රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා රග්බි ඉවත් කිරීමට ලෝක රග්බි කවුන්සිලය කටයුතු කරයි.
  8. ජූනි මාසය වන විට ශ්‍රී ලංකාව ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දෙනු ඇති බවට පුරෝකථනය කර තිබුණ ද, ශ්‍රී ලංකාව දැනටමත් ඩෙංගු වසංගත තත්ත්වයක එළිපත්ත වෙත ළඟා වී ඇති බව ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි: නරකම තත්ත්වය පැමිණීමට තව කල් ඇති බව ද පවසයි: තමා ආරක්ෂා වීමට සහ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම සඳහා ජනතාව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ද පෙන්වා දෙයි.
  9. කම්කරු නීති සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් සංවිධානයක් විසින් උපදෙස් ලබා දී නොමැති අතර, කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා කිසිඳු ලේඛනයක් සම්පාදනය කර නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි: තම අමාත්‍යංශය මාධ්‍ය වෙත යෑමට සහ කම්කරු නීති සංශෝධනය කිරීම පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රථම කම්කරු නීති සංශෝධනය කිරීම පිළිබඳ මහජන අදහස් විමසීමට අපේක්ෂා කරන බව ද පවසයි.
  10. විදෙස් කාන්තාවක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා හතරෙන් තුනකින් ඔහු නිදහස් කිරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනිං සෙන්ටර් අධිකරණය නියෝග කරයි: ගුණතිලකට එල්ල වූ එක් චෝදනාවක් සහිතක කර ඇති මුත් අසම්මුතිගත ලිංගික සංසර්ගයේ නියැලීමට අදාළ චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව සිඩ්නි නුවර මහජන අභිචෝදක කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි අභිචෝදකවරයා පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan