ජල,විදුලි,ඉන්ධන බිල් ඉල්ලා රාජ්‍ය ආයතන සඳහා තවත් චක්‍ර ලේඛයක්!

කොළඹ LNW:රාජ්‍ය ආයතන සඳහා තවත් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව ජුනි මස 30 දිනට පෙර සියලු රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය, විදුලිය, ඉන්ධන සහ දුරකථන පරිභෝජනය පිළිබඳ දත්ත සියලුම ආයතන ප්‍රධානීන් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලබාදිය යුතුවෙයි.

2022.06.30 වැනිදා සිට 2022.12.31 දක්වා වූ කාලයට අදාළවයි එම තොරතුරු අමාත්‍යංශය විසින් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස ද දැනුම් දී තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මතයි ක්‍රියාත්මක කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...