මූල්‍ය වාර්තාවලින් වසන් කර ඇති විගණන වාර්තාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගිය වසරේදී අලාභ හානි වූ ලංගම බස් රථ 18ක් පිළිබඳ තොරතුරු මූල්‍ය වාර්තාවලින් වසන් කර ඇතැයි විගණන වාර්තාවකින් හෙළි වී ඇත.

2022 වසරේ මැයි 09 වැනිදා රට පුරා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර හානි වූ ලංකා ගමනාගමන මණ්ඩලය සතු අදාළ බස් රථ 18හි අලාභය රුපියල් හැත්තෑ හයකෝටි හත්ලක්ෂ හතලිස් නවදහස් හාරසිය තිස්අටක් බව සඳහන් වේ.

ජාතික විගණන කාර්යාලය අනාවරණය කරන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලය සතු රුපියල් ලක්ෂ 73ක් පමණ වටිනා තවත් වාහන 3කටද එදින අලාභ හානි සිදුවී ඇති බවය.
එම බස් රථ රැගෙන යාම සඳහා කිසිදු මුදලක් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ගෙවා නැතැයි සඳහන් ය. 

තවද අදාළ වාර්තාවේ දැක්වෙන්නේ 2021 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින්ගේ ජංගම දුරකතන පහසුකම් වෙනුවෙන් රුපියල් 77 ලක්ෂ 29 දහස් 446ක වියදමක් දරා ඇති බවත්, සිදු කළ නියැදි පරික්ෂාවේදී ගමනාගමන මණ්ඩලය සතු ජංගම දුරකතන සම්බන්ධතා 1078ක් අතරින් සම්බන්ධතා 831ක තොරතුරු පමණක් ලේඛනගත වී ඇති බව වාර්තාවේ සඳහන් වෙයි. සෙසු සම්බන්ධතා 59 භාවිත කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව තහවුරු කිරීමට නොහැකි වුවත් ඒ සඳහා ගෙවීම් සිදු කර ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...