ගුරු හිඟය පියවන්න විද්‍යාපීඨ ගුරුවරු 7800කට නව පත්වීම්!

Date:

කොළඹ LNW: විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් අමාත්‍යංශයේදී පැවති සාමාන්‍ය පෙළ සමත් අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීම වෙනුවෙන් ගාන්ධි ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

විද්‍යාව,තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත‍්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්ව විද්‍යාලවලින් පිට වන වයස 35ට අඩු උපාධිධාරීන් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවාගැනීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියේය.

එමෙන්ම ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක‍්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...

නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...