කවදාවත් නැවත පොහොට්ටුවට සම්බන්ධ වෙන්නේ නෑ – සුදර්ශනීත් කළකිරීමෙන්

Date:

තමන් නැවතත් කිසිදිනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ප්‍රශ්නය – ඔබතුමිය පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා ?

“ඔව්, මම තවමත් ස්වාධීන මන්ත්‍රීවරියක් හැටියට විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා. තවම කිසිම පාර්ශ්වයක් එක්ක සම්බන්ධ වෙලා නෑ”

ප්‍රශ්නය – ඔබ ස්වාධීන වුණාට පොහොට්ටුවෙන් තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නෙ. හිතෙන්නෙ නැද්ද මේ ගමන හරි ආකාරයෙන් හරිගස්සාගෙන පොහොට්ටුවත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා ?

“නෑ. මම කවදාවත් නැවත පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – ඔබතුමිය බලාපොරොත්තු වෙන, මේ රට හදන්න පුළුවන් කියන තැන ඉන්න කවුරුන් හෝ දේශපාලනඥයො මේ වෙනකොට මේ භූමිකාවෙ ඉන්නවද ?

“අපි බලමු නේද ? රටේ ජනතාවත් ඉල්ලන්නෙ අලුත් වැඩපිළිවෙලක්, අලුත් මුහුණු නෙ ඉල්ලන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමිය කැමති නැද්ද මේ දේ ගැන කතා කරන්න ?

“නෑ, ඇත්තටම දේශපාලනය ගැන පොඩි කළකිරීමක් මටත් තියෙනවා”

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව සමග අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...