මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් රුසියාව, යුක්රේනය ඇතුළු රටවල කුලී හමුදාවන්ට යැවීමේ ජාවාරමට වැට බැඳීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW):ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ මොහොතේ ජනාධිපතිවරයා විසින් උපදෙස් දී අත්තේ, රුසියාව, යුක්රේනය ඇතුළු රටවල කුලී හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් යැවීමේ ජාවාරමට වැට බැඳීමට රටේ පවතින නීතිය ප්‍රමාණවත් නොවන බැවින් වහාම නීති සංශෝධනය කර නව නීති සකස් කිරීමටයි.

රුසියාව හා යුක්‍රේනයට සංචාරක වීසා මගින් , ආරක්ෂක අංශ සාමාජිකයන් යෑම වැළැක්වීමට පවතින නීති ප්‍රමාණවත් නොවන බව ජාතික ආරක්ෂක කවුන්සලේදී අනාවරණය වීමෙන් පසු ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී ඇති බව වර්තා වේ.

විමර්ශන නිලධාරින් විසින් පෙන්වා දී ඇත්තේ,“හියුමන් ට්‍රැෆිකින්” යටතේ මෙම ජාවාරමට වැට බැඳීමට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී වින්දිතයාම පැමිණ පැමිණිලි කළ යුතු වන අතර, දැනට වින්දිතයන් රුසියාවේ සටන් පෙරමුණුවල හා රෝහල්වල හිරවී සිටින නිසා එම නීති ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බවයි.

දැනට මේ සම්බන්ධව වින්දිතයන්ගේ දෙමව්පියන් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එය නිත්‍යානුකූලව ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර, දැනට රුසියාවේ සිරවී සිටින හමුදා සාමාජිකයන් වට්ස් ඇප් මගින් ලබා දෙන ප්‍රකාශ පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට ගත නොහැකි නිසා ඒවා පැමිණිල්ලක් ලෙස ගත හැකි අයුරින් නීති සංශෝධනය කිරීමට වහාම කටයුතු කළ යුතු බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

එය සළකාබැලූ ජනාධිපතිවරයා වහාම නීති සංශෝධනය කිරීමට නියෝග කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...