David Cameron ගෙන් පොරොන්දුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW): බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා, මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බවයි.

ඩේවිඩ් කැමරන් මහතා පවසන්නේ, තමන් 2013 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගිය අවස්ථාවේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැනගත් බවත් එහිදී යුද්ධයෙන් පීඩා විඳි සියලු දෙනාටම යුක්තිය, සත්‍ය සහ වගවීම වෙනුවෙන් එක්සත් රාජධානියේ සහාය ලබාදීමට කැපවන බව ප්‍රකාශ කළ බවත්ය.

කැමරන් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව නායකත්වය ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...