*
Monday, May 19, 2025
spot_img

Latest Posts

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

නීතිපතිවරයා පත්කළ අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න පිළිබඳව අධ්‍යනය කිරීම මෙම කමිටුවට පැවරී ඇති අතර තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමද කමිටුවට පවරා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

88 – 89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ තොරතුරු ඇතුළත් බටලන්ද කොමිෂන් සභා වාර්තාව දශක දෙකකට පමණ පසු ජනාධිපති කාර්යාලය විසින් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan