*
Monday, May 19, 2025
spot_img

Latest Posts

ඇප ලැබුණු චාමර!

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

අද (19) දින, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරිර  ඇප දෙක මත මුදවා හැරිමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි  සලකා බැලීමෙන් අණතුරුවයි.

පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට  අද දින පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත  රැගෙන පැමිණ තිබුණ අතර, ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය  කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්  පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා  තිබුණි. 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් අණතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරිර  ඇප දෙක මත මන්ත්‍රිවරයා මුදවා හැරිමට නියෝග කරන ලදි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan