*
Monday, May 19, 2025
spot_img

Latest Posts

ඉතිහාසයේ අවාසනාවන්තර පරාජ සහිත සංචාරයක ශ්‍රී ලංකාව පලස්තීනයටත් පරදියි

නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:

ශ්‍රී ලංකා බේස්බෝල් තරග ඉතිහාසයේ අසාර්ථකම සංචාරයකට ක්‍රීඩා පිටියේදී මුහුණ දෙන්නට වූ අවාසනාවන්ත සිඳුවීමක් සමඟ 2025 බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවන තරගය වූ පලස්තීනයට එරෙහි තරගය ලකුණු 5 – 11 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.
ඇමෙරිකාවේ උදහසට ලක් වූ බව මතු පිටින් පෙනෙන්නට තිබුණත්,සපුරා ඔවුන්ගේ බේස්බෝල් කණ්ඩායම තුළ දකින්නට ඇත්තේ ඇමෙරිකානු සහයයි.ඒ නිසාම ප්‍රබලත්වයෙන් ඉහළ තලයක සිටින පලස්තීන කණ්ඩායම ඇමෙරිකානු ආධිපත්‍යයයෙන් බේස්බෝල් ගලවා ගත් කොරියානු සහ ජපන් බේස්බෝල් ක්‍රීඩාවන්ට ආසියානු අභියෝගය ලෙස නිර්මාණය වනු දැකීම ඇමෙරිකාවේද අරමුණ විය හැකියි.


කෙසේ වෙතත් මතුපිටින් පේන දේශපාලනය ඇතුළත මෙන්ම ක්‍රිඩාව වැනි විෂයන්වලදී ද,ඇමෙරිකාව සිය අනන්‍යතාවය සම්බන්ධයෙන් දක්වන උනන්දුව පෙන්වන අවස්ථාවක් හැටියට පලස්තීන කණ්ඩායමේ තිබෙන ඇමෙරිකානු මුසුව දැක්විය හැකිය.එහෙත් ඔවුන්ට පරාජය වෙන ශ්‍රී ලංකාවේ පාලකයන්ට අඩුම තරමේ මෙම තරගාවලියට අත්දැකීම් සදහා හෝ කණ්ඩායමක් යැවීමට අවශ්‍යය උනන්දුව නොතිබිණ.ඒ නිසා ක්‍රිඩා අමාත්‍යංශයේ අනුමැතිය සහ අනුග්‍රහය සඳහා නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් සහභාගි වූ කණ්ඩායමට අවසාන මොහොත වන තෙක්ම නිසි පුහුණු සැසිවලට සහභාගි වීම වෙනුවට සංචාරයට යාම සඳහා මුදල් සොයා ගැනීමට කරදර වන්නට සිඳු විය.


පරිපාලකයන් මේ ගැන අවධානය යොමු නොකිරීම හේතුවෙන් අවාසනාවන්තම පරාජයන් සමඟ සිය රට එන්නට වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය කෙළෙසමින් කටයුතු කළ පරිපාලනය වෙත බේස්බෝල් ක්‍රීඩා සමාජ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට සිය විරෝධය දක්වන්නට එකතු එකඟ විය යුතු නමුත්,වසර ගණනක් මෙම පරිපාලනයට එක එක තනතුරු මුවාවෙන් රැදී එල්ලී සිටින මේ ක්‍රීඩකයින් නියෝජනය කරන ක්‍රීඩා සමාජ එකඟ වේ ද යන්නත්,එම සභාපතිවරයාට ඊටත් වඩා බරපතල චෝදනා වෙනත් ක්‍රීඩාවන් සම්බන්ධයෙන් තිබියදී ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට ක්‍රියා කරන ක්‍රීඩා අමාත්‍යවරයාට එවැනි තීරණයක් ගත හැකිද යන්නත් සිතීම දුෂ්කරය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan