සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් – ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි

0
534

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

ඒ, අද (මැයි 19) පැවති විශේෂ සාකච්ජාවකදී ය.

එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අදාළ තීරණය පිළිබඳ සඳහන් කර ඇත.