ඉන්දියාවේ නවදිල්ලි නුවරදි Honduras රාජ්‍යය සිය තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ඉන්දියාවේ නවදිල්ලි නුවරදි Honduras රාජ්‍යය සිය තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කර තිබේ. එම අවස්ථාව සඳහා හොන්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා ගාර්ෂියා පැමිණ සිටි බව වාර්තා වේ.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසුවේ හොන්ඩුරාස් හි විදේශ අමාත්‍ය එඩ්වාඩෝ එන්රික් රෙයිනා හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.එමෙන්ම හොන්ඩුරාස් සිය තානාපති කාර්යාලය නවදිල්ලියේ විවෘත කිරීම දෙරටේ වර්ධනය වන හවුල්කාරිත්වයේ ප්‍රබල සංඥාවක් බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

ඉන්දියාව හොන්ඩුරාස් සමඟ ඇති සබඳතාව අගය කරන අතර අංශ හරහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය. තානාපති කාර්යාලය විවෘත කිරීම ගෝලීය දකුණේ හඬක් වන ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට හොන්ඩුරාස් හි කැපවීමේ ප්‍රබල ප්‍රකාශනයක් බව අමාත්‍ය ජයිශංකර් වැඩිදුරටත් පැවසුවේය.

හොන්ඩුරාස් යනු සාධාරණ ගෝලීය සංවර්ධනය සහ තිරසාර වර්ධනය ඇතුළුව ඉන්දියාවේ ප්‍රමුඛතා බොහොමයක් බෙදා ගන්නා කලාපීය සමූහයක් වන ලතින් ඇමරිකානු සහ කැරිබියන් ජනපද ප්‍රජාවේ සාමාජිකයෙක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...