ඉතිහාස කතා මොනවා වුණත් කොළඹ නගරාධිපති තෝරන්න අපි එකතු වෙනවා.අනිත් ඒවා පස්සේ බලමු – කිරිඇල්ල

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත්කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟි ජන බලවේගය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) මාධ්‍ය වෙත පැවසුවේය.

දෙපාර්ශවය අතර අද පැවති සාකච්ජාව සාර්ථක බවයි ඔහු සඳහන් කළේ.

එජාපයට සහ සමඟියට ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එක්වීමට නොහැකි වුවද මේ මොහොතේ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා පැවසුවේ ඉතිහාස කතා මොනවා වුණත් කොළඹ නගර සභාව සම්බන්ධයෙන් සමඟි සහ එජාප සාකච්ජා සාර්ථක වූ බවයි.

මේ මොහෙතේ ප්‍රමුඛ කාරණය සභා පිහිටුවීම වන හෙයින් එයට මූලිකත්වය දී තිබෙන අතර දෙපාර්ශවයේ වෙනත් කටයුතු ගැන ඉදිරියේදී අවධානය යොමුකරනු ඇති බවද කිරිඇල්ල මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...