මගේ පුතා රට ඉඳන් ඇවිත් රජයෙන් අක්කර 50ක් ඉල්ලන් වගාවක් කරගෙන ඉන්නෙ – බන්දුල (VIDEO)

Date:

තමන් කරන දේශපාලනය නිසා තම දරුවන්ටත් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් කිසිදු දේශපාලනයක් නොකරන තම පුත්‍රයාගේ නිවසටත් ගිනිතබා ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීතියක් දාන්න ඕනෙ ඕනෑම මනුස්සයෙකුට තමන් කුමන ජාතියකට ආගමකට කුලයකට අයිති වුණත් තමන්ගෙ නිවස තුළ නිදහසේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුයි. මොකද එහෙම නැතිවුණාම ගෙදෙට්ට ආපුවාම ඒ ගෙදර අය දන්නවා නම් හොඳටම පොලිසිය පෙනි පෙනී ගෙට ගිනි තියනවා කියලා ඒ පොලිසිය රාජකාරි කරන්නේ නැත්නම් පොලිස්පතිතුමා ඇතුළුව ඒ සඳහා අණ දුන්නු සියලුම අය මේ මිනිස්සුන්ගෙ, මේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති කාන්තාවන්ගෙ, දරුවන්ගෙ ජීවිත විනාශ කරනකල් බලන් ඉඳලා, අඩු ගාණෙ අහසට වෙඩිල්ලක්වත් තිබ්බෙ නැති පොලිසියක් තියෙනවා නම් මේ ලෝකෙ හෙල්ලෙන අපරාධය ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයට, යුරෝපා පාර්ලිමේන්තු සංගමයට කියන්න පරීක්ෂණයක් කරන්න කියලා”

“මට ගිනිතිබ්බාට කමක් නෑ, මගේ දරුවා – ලොකු පුතා එංගලන්තෙ අවුරුදු හතක් ඉඳලා ඔහු උපාධිය, පශ්චාත් උපාධිය කරලා මේ රටට ඇවිල්ලා, මේ රටේ මොනවාහරි කරන්න ඕනෙ කියලා වසවිස නැති ඒවා හදන්න කියලා පොලොන්නරුව පැත්තෙ අක්කර 50ක් ඉල්ලාගෙන රජයෙන් ඒකෙ වසවිස නැති දේවල් වවමින් ඉන්න දරුවෙක්. ඒ කෘෂිකර්මය කරලා. දැන් ඔහු ඇවිල්ලා ඉවරවෙලා කිසිම දේශපාලනයක් මගෙ දරුවො කවුරුවත් කරන්නෙ නෑ. එහෙම කරද්දී ඒ දරුවාගෙ බිරිඳ පවත්වාගෙන යනවා ඩේ කෙයා සෙන්ටර් එකක් සහ මොන්ටිසෝරියක් ඊට එහා පැත්තෙ. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම තියෙන ළමයෙක්. ඒ ගෙට ගිනිතියන්නෙ ඇයි ? අපි කරන දේශපාලනය නිසා මේ දරුවො සියලු දෙනාට වන්දි ගෙවන්න වෙලා”

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...