*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අඳුරට ශාප නොකරමු. එක පහනක් හෝ දල්වමු ….

වත්මන් රටේ තත්ත්වය ගැන දිගින් දිගටම කල්පනා කරද්දී සිත නොසන්සුන් වීම ඕනෑම අයෙකුට පොදුය. ඇත්තටම හිතේ සතුටක් නෑ නේද..

ඉතින් ඔබේ ජීවිතයට ඔබම ආලෝකය වෙන්න.

බඩුමිළ අහස උසට..
නිතරම ලයිට් කපනවා..
තෙල් නෑ.. ගෑස් නෑ..
හරියට ජොබ් එක කරගන්න බෑ..
කිලෝමීටර් ගණන් තෙල් පෝලිම්..
ව්‍යාපරයෙන් ආදායම අඩුයි..
වියදම් වැඩි වෙලා..
සම්බන්ධතා පවත්වාගෙන යන්න අපහසුයි..
දරුවන්ට හරි අධ්‍යාපනයක් නෑ..
විභාග සියල්ල කල් ගිහින්..
කාලගුණ තත්ත්වයත් එච්චර හරි නෑ..

ඉතින් ඔබට මේ ප්‍රශ්න සියල්ලම තිබෙන්නට පුළුවන. නමුත් හිතන්න එපා ඔබට පමණක් මේ ගැටලු කියලා. මේ දේවල් හැමෝටම අඩු වැඩි වශයෙන් ඇතිවෙලා තියන ප්‍රශ්න. අද දරුවන්ගේ කුසගිනි නිවීමට තරම්වත් ආදායමක් නැති මිනිසුන් ඕනෑතරම් සිටී. කුමක්ද මේකට හේතුව . කෙසේ හෝ මෙම දුෂ්කර කාල්යෙන් මිදිය යුතුය . කලකිරීම නොව මෙයට විසඳුම් සෙවිය යුත්තේ අපමය.

මොකද අපි ජීවත් වෙන්නෙ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණු රටක. එහෙමයි කියල අපිට මේ කිසිදු ප්‍රශ්නයකින් පැනයා නොහැක . හැමදේටම මුහුණ දෙන්න මේ වෙලාවෙ හිත ශක්තිමත් කරගමු. මනසින් කඩා නොවැටී ඉන්න උත්සාහ ගැනීම බොහොම වැදගත් . ඒ වෙනුවෙන් වචනෙකින් හරි ඔබේ වටේ සිටින්නන්ට ශක්තියක් වෙන්න .ඔබේ ආදරණීයයන්ට උදවු වෙන්න.

මොනතරම් ධනාත්මකව වෙන්න උත්සාහ කළත් මේ දිනවල අපිට වැඩිපුරම අහන්න සහ කියන්න ලැබෙන්නෙ ,, “නෑ, බෑ ” කියන වචනමයි නේද?

ඒත් ඔබට හැකිනම් නිතරම ඒ වචන භාවිතා නොකර විකල්ප සොයන්න උත්සාහ ගන්න. උදාහරණයක් විදියට ගෑස් නෑ කියමින් ගෑස් කඩ ලඟ කවදා හෝ ලැබේවි යන බලාපොරොත්තුවෙන් නොසිට , දර ලිපක් නැත්නම් භූමිතෙල් ලිපක් භාවිතයට හුරු වෙන්න. රාමුවකට කොටු නොවූ රාමුවෙන් පිට හිතල වැඩ කළොත් ඔබට පුලුවන් ඕනම දේකට විසඳුම් හොයන්න. මේ ගැටලු වලට එක් අයකුට දෝශාරෝපණය කරමින් සිට පලක් නැත. එයින් සිදුවන්නේ තම දරුවන් කුසගින්නේ ලෙඩ වීම පමණයි.

ඒ වගේම ඔබට පාලනය කළ නොහැකි දේ පිළිබඳ , දුක් වී හෝ කෝප වී හෝ පලක් නැත. කියන දේ හොඳින් සිතට ගන්න. දුක් වෙන එකෙන් තරහ ගන්න එහෙන් හානිය වෙන්නෙ අපිටමයි. උදාහරණයක් විදියට එකදිගට වහිනවා. රෙදි ටික වේලගන්නවත් බෑ කියල ඔබ දුක් වුණාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. මොකද කාලගුණය කියන්නෙ ඔබටවත් මටවත් පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

ඒ නිසා ඔබට ප්‍රශ්නයක් ආ විට එයට විසඳුමක් හොයන්න ඕන කියන දේ මුලින්ම හිතට ගන්න. විසඳුම් හොයන්න උත්සාහ නොකර විසඳුම් ලැබෙන්නෙ නෑ. විසඳුම් හොයන්න ගත්තොත් එක විසඳුමක් වෙනුවට කිහිපයක් වුණත් ලැබෙන්න පුලුවන්. හැමදේකම පුංචි හරි ධනාත්මක දෙයක් තියනවනම් ඒ දිහා බලන්න පුරුදු වෙන්න.

අනවශ්‍ය වියදම් වලින් බැහැර වෙලා මේ කාලෙදි අල්පේච්ඡ (minimalist) ජීවිතයක් ගත කරන්න හුරු වෙන්න. ඒ වගේම සතුටින් ඉන්නත් අමතක කරන්න එපා. මොකද කාලය වේගයෙන් ගෙවී යනවා. පුංචි මොහොතකට වුණත් වටිනාකමක් දෙන්න.

සියලු දෙනාගේම ජීවිත වලට ආලෝකය උදාවේවා , ඉවසීමෙන් දුෂ්කර කාලය නිමාකරන්නට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා!

  • රෂිකා සඳමාලි හෙන්නායක facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan