*
Tuesday, October 29, 2024
spot_img

Latest Posts

හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු ඒමත් මන්ත්‍රී වරප්‍රසාදයක් ද?

හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු ඒමත් මන්ත්‍රී වරප්‍රසාදයක් ද?

හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් බැස යන ආන්දෝලනාත්මක ඡායාරූපයක් මේ දින වල සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වේ.

හිටපු අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට රටේ බදුගෙවන්නන්ගේ මුදල් වලින් හෙලිකොප්ටර් සවාරි යාම සඳහා අවසර ලබා දුන්නේ කවුරුන් විසින් ද යන බරපතල ගැටළුව මෙහිදී පැණනඟියි.

මුළුමහත් රටක් ගෑස්, තෙල් ඇතුළු ඉන්ධන නොමැතිව දුක් විඳිද්දී, මහමඟ තෙල් පෝලිම් වල මිනිසුන් මියැදෙද්දී, ඒ ජීවන පීඩාව දරාගත නොහැකිව රටක් වීදි බැස අරගල කරද්දී, ගෙන ආ තෙල් නැව් වලට ගෙවීමට ඩොලර් රටතුළ නොමැති වෙද්දී, තනි පුද්ගලයකුට ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයෙන් සංචාරය කිරීමට අවශ්‍ය ඉන්ධන හෝ ඒ ඉන්ධන වලට අදාළ මුදල් ජනිත වන්නේ දෙව්ලොවින් ද?

මේ අතර, රත්මලාන ගුවන්තොටුපලට යාබදව ජීවත් වන ප්‍රදේශවාසීහු එම කලාපය තුළ හෙලිකොප්ටර් ඇතුළු ගුවන් ගමනාගමනයේ ඉහළ යාමක් දක්නට ඇති බවට චෝදනා කරති. පවතින ආණ්ඩුව කෙරේ උග්‍ර විරෝධයක් රටතුළ ගොඩනැඟෙමින් තිබෙන වකවානුවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මහමඟ යාන වාහන භාවිතා කිරීමට නොහැකි තැන ගුවනින් යාත්‍රා කිරීම ද මේ සිදුවෙමින් තිබෙන්නේ?

මැයි 09 වන දා සිදුවූ ප්‍රහාරය සමඟ ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ පවුල පිටින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක ත්‍රිකුණාමලය බලා පිටත් වූ බවට වාර්තා පළ විය. දැන් පෙනී යන අන්දමට, තමා සැඟව සිටින ස්ථානයේ සිට යළි පාර්ලිමේන්තුව වෙත පැමිණීම සඳහාත් හිටපු අගමැතිවරයා හෙලිකොප්ටරයක් භාවිතා කරනු ලබයි.

මේ ගුවන් ගමන් වලට මුදල් වෙන්කෙරෙන්නේ කෙසේද? එවන් ගුවන් ගමන් අනුමත කළේ කවුද?

හිටපු අගමැතිවරයාට මේ සියලු සංචාර සඳහා අනුබල ලැබෙන්නේ ගුවන් හමුදාපතිවරයාගෙන් බවට සමාජ රාවයක් පැතිරෙමින් පවතී. ඊට පළකළ කෘතඥතාවයක් ලෙස ඔහුට රුපියල් මිලයන සියයකට අධික නවතම ඩිෆෙන්ඩර් රථයක් ද ලබා දුන් බවට මතයක් පැතිරෙමින් පවතී.

මීට ඉහත 2015 සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන ගණනක ගෙවා නොතිබූ හෙලිකොප්ටර ගමන් බිලක් ගුවන් හමුදාවට ලබා දී තිබිණි. අහිංසක ජනතාවගේ බදු මුදල් මෙසේ නාස්ති කිරීම හමුවේ ජනතාව නිහඬව සිටී ද? ඉකුත් මාර්තු 31 වෙනි දින ගිය දෙදරා යෑමෙන් බිහිවූ ජන අරගලයේ සැබෑ පදනමත් එයම නොවේ ද?

මෙවන් සංචාර සඳහා අවසර ලබාදීම හරහා ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බව මෙවන් සංචාර සඳහා අවසර ලබා දෙන කවුරුන් වූව ද දැන සිටිය යුතුය. ඔවුන් සියල්ල රටේ පවතින නීතිය අනුව අධිකරණය ඉදිරියට ගෙන ගිය හැකි බව දැන සිටිය යුතු ය. එමෙන්ම, මෙසේ නාස්ති කළ ජනතා මුදල් වලට මෙම දේශපාලඥයන්ගේ පෞද්ගලික ධනයෙන් හෝ අයකර ගත යුතු ය.

අපට ඇසීමට ඇත්තේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු පැමිණීමත් පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ද යන්නයි.

විශේෂ වාර්තාකරුවකු විසිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan