අන්තරේට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර! (LIVE)

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වී තිබේ.

කොළඹ නෙලුම් පොකුණ අසලින් ආරම්භ වූ එම විරෝධතා පා ගමන පොලිස් මාර්ග බාධක ඉවත දමමින් කොළඹ මධ්‍යස්ථානය අසල ලංකා බැංකු මාවත ඇතුල් වීමට උත්සහ දරන අවස්ථාවේදීයි එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වී ඇත්තේ.

මෙම විරෝධතා පා ගමනට එරෙහිව පොලීසියේ ඉල්ලීම මත අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබුණු අතර ඒ අනුව කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකටම ඇතුළු වීම වළක්වා තිබුණි.

එම නියෝගය නොසලකමින් විරෝධතා පාගමන ඉදිරියට ඇදීම නිසා එය විසුරුවා හැරීමට පොලීසිය සුපුරුදු ලෙස ඔවුන්ට කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...