රණවිරුවන් විසින් රට බේරාදුන් බවත් ඒ දිනය සැමරීම ගැන තමන් ඉතාම සතුටු වන බවත් හිටපු ජනාධිපති, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“ඇත්ත වශයෙන්ම අද දිනය සමරන එක ගැන මම ඉතාම සංතෝශ වෙනවා. මොකද, රණවිරුවෝ රට බේරා දුන්නා. ඒක සැමරිය යුතුයි. අමතක නොකළ යුතු දිනයක් අද”
ප්රශ්නය – අද තත්වය එක්ක බැලුවාම කොහොමද ?
“තාම එක රටක් තියෙනවානෙ. තනි රටක් තියෙනවා තාම”
ප්රශ්නය – දැන් අද රට සාමකාමීව තියෙනවා ඒ කියන්නෙ ?
“සාමකාමීයි මම හිතන්නෙ. ආණ්ඩුව මොනවා වුණත් ජනතාව සාමකාමීයි”
ප්රශ්නය – එතකොට දේශපාලනය ?
“දේශපාලනය මම කියන්නෙ නෑ ඉතින් ….”
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කර තිබූ රණවිරු සමරු උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


