*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 192 වැනි ස්මාර්ට් පන්ති කාමරය නෙලුව දෙල්ලව මහා විද්‍යාලයට (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහන යටතේ 192 වැනි සුහුරු පන්ති කාමරය ගාල්ල, නෙලුව, දෙල්ලව මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම පෙරේදා (18) සිදුකෙරිණි.

මෙම සුහුරු පන්ති කාමරයේ වටිනාකම රුපියල් 1,177,000 ක් වන අතර පාසලේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 ක් පරිත්‍යාග කිරීම ද එදින විපක්ෂ නායකවරයා අතින් සිදුවිය.

එම උත්සව අවස්ථාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තියෙන අයගෙන් අරගෙන නැති තැනට බෙදනවා යැයි තමන්ට ඇතැමුන්ගෙන් චෝදනාවක් එල්ල වී ඇති බවත් එය සමාජ යුතුකමක් ලෙස තමා සැලකූ බවත් රටේ උග්‍ර පොහොසතුන් සමාජ සේවයට ජනතා සේවයට කැමැත්තක් දක්වනවා නම් තියෙන අයගෙන් අරගෙන නැති තැනට ලබා දීමේ වරදක් නොමැති බවත් ය.

පසුගිය කාලයේ ජාතික පාසල් දහසක් බිහි කරනවා කියමින් රුපියල් ලක්ෂ 20 බැගින් බෙදා බෝඩ් ලෑල් ජාතික පාසල් බිහි කළ බවත් එම රුපියල් ලක්ෂ 20න් පාසලකට සුහුරු පන්ති කාමර 2 බැගින් ලබා දීමේ හැකියාවක් තිබූ බවත් මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා රටක් ලෙස අපට බංකොලොත් වීමට සිදුවූ බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම මෙරට තේ නිෂ්පාදනයට 70% දායකත්වයක් ලබා දෙන්නේ 40%ක භූමිය හිමි කුඩා තේ වතු බවත් 60%ක භූමියක් හිමි මහා පරිමාණ තේ සමාගම් තේ නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙන්නේ 30%ක් බවත් තේ කර්මාන්තය සාර්ථක කර ගන්න ලෝකයේ සෙසු රටවල් නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා සේ අප රටේ ද තේ කර්මාන්තය නවීන තාක්ෂණයට යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම නව ක්‍රමවේද තුළින් භූමියේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යන බවත් ඩිජිටල් වේදිකා හරහා වගා කටයුතුවල නිරතවන තේ වගා කරුවන්ට නව දැනුමක් අධ්‍යාපනයක් ලැබෙන බවත් සූක්ෂමව නාස්තියෙන් තොරව ඉලක්ක ගත තේ කර්මාන්තයක් උදෙසා නව තාක්ෂණය යොදා ගත හැකි නමුත් අප රටේ තේ කර්මාන්තය මෙම දියුණුව කරා තවම ගොස් නැති බවත් තේ ගොවියා හට දරාගත හැකි මුදලකට පොහොර සහ රසායන ද්‍රව්‍ය දීගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව සමගි ජන බලවේග රජයක් තුළ තේ ගොවියා හට දරාගත හැකි මුදලකට යෙදවුම් ලබා දෙනවා සේම නව තාක්ෂණය උපයෝගී කර ගෙන සීමාසහිත භූමියෙ උපරිම ඵලදාවක් ලබාගත හැකි ආකාරයට වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන “හුස්ම” වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. “සක්වල” බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 191ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2126ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan