වැසි තත්ත්වයෙන් පසු ඩෙංගු සහ මී උණ වැනි රෝග පැතිරීමේ අවදානමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): ඉදිරියේදී මෙම පවතින වැසි තත්ත්වයත් සමඟ පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝග ඉහළ යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

වර්ෂාව ආරම්භයත් සමඟ ආහාර සහ ජලය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන්නැයි ඔහු ඉල්ලීමක් කළ අතර, වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවද ඒ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...