බැඩිමින්ටන් පුත්තලම දෙවන පෙළ සූරතාවලිය ජූනි 1 ඇරඹේ – පළමු පෙළ බස්නාහිර තරගාවලිය ජූනි 15 ඇරඹේ

සටහන – නිශ්මං රණසිංහ

මැයි 20, කොළඹ (LNW): පුත්තලම් දිස්ත්‍රික් බැඩිමින්ටන් සංගමය විසින් සංවිධානය කරන්නට යෙදෙන දෙවන පෙළ බැඩිමින්ටන් සූරතාවලිය ජූනි 1 දා සිට ජූනි 7 වන ද දක්වා වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ්.පීරීස් ගෘශස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.ජූනි 15 වන දා සිට ජූනි 21 වන දා කාලය තුළ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය ද තරගාවලියක් සංවිධානය කරන්නට පියවර ගෙන ඇති අතර එම තරගාවලිය ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පළමු පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වන තරගාවලියක් වනු ඇත.


පුත්තලම් දිස්ත්‍රික් තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය මේ වන විට මැයි 23 වන දා දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය මෙන්ම පුත්තලම් දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය ද ප්‍රකාශ කර ඇත.පුත්තලම් දිස්ත්‍රික් තරගාවලියට ඇතුළත්වීම සඳහා සියලු පහසුකම් මාර්ගගත ක්‍රමයට සිඳු කරන්නට මේ සමඟ ඇති සබැඳීය භාවිතා කළ හැකිය.
https://srilankabadminton.lk/tournament/puttalam-district-all-island-open-badminton-championship/
බස්නාහිර පළාත් පළමු පෙළ තරගාවලියට ද ඇතුළත් වීමේ මාර්ගගත ක්‍රමයන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙබ් අඩවිය හරහා ලබා දී ඇත.පහත සබෑඳිය යොදාගෙන එම තරගාවලියට ඇතුළත්වීම සඳහා පහසුකම් සකසා ගැනීමට හැකිය.


https://srilankabadminton.lk/tournament/wpba-all-island-open-badminton-championships/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...