දේශබන්දුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. කමිටුවේ පරීක්ෂණ ඉදිරියට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති විෂමාචාර චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව ඊයේ (මැයි 19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර පළමුවරට දේශබන්දු තෙන්නකෝන් එම කමිටුව හමුවේ පෙනී සිටියේය.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව සමන්විත වේ.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය ප්‍රතිවිරෝධතා දක්වා ඇත.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ පරීක්ෂණ කමිටුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කළ අතර විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට ද තීරණය කරන ලදී.

ඒ අනුව, කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...

STF වෙඩි පහරින් සැකකරුවකු මරුට !

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ...