පුටින් සමඟ කළ දුරකථන සංවාදයෙන් අනතුරුව දෙපාර්ශවය සාම සාකච්ජා සඳහා සුදානම් බව ජනාධිපති ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ(19) දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව දෙපාර්ශවය යුද්ධය නැවත්වීම සඳහා සාකච්ජා ආරම්භ කිරීමට සුදානම් බව ප්‍රකශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති පුටින්ද ඊයේ දිනයේදී සෝචි හි කළු මුහුදේ නිවාඩු නිකේතනය අසල දී වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, එක්සත් ජනපද ජනාධිපතිවරයාට පොරොන්දු වූ පරිදි අනාගත සාම ගිවිසුමක් පිළිබඳ සංදේශයක් මත යුක්රේන පාර්ශවය සමඟ වැඩ කිරීමට තමා සූදානම් බවයි.

ජනාධිපති පුටින් සමඟ පවත්වන ලද දුරකථන සාකච්ජාවෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් යුක්රේන සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ඇතුළු යුරෝපීය නායකයින් සමඟ ද සාකච්ජා පවත්වා ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ මාරාන්තික යුද්ධයට කඩිනම් අවසානයක් ගෙන ඒමට පොරොන්දු වූ ට්‍රම්ප්, යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා වොෂින්ටනය අනෙකුත් බටහිර රටවල් සමඟ වසර ගණනාවකට පසු නැවත නැවතත් සටන් විරාමයක් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...