පාකිස්ථානයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග පාකිස්ථානයේ බලුකිස්තාන පළාතේ නගරයක් වන කිල්ලා අබ්දුල්ලා හි වෙළඳපොළක් අසල කාර් බෝම්බයක් පිපිරීයාම හේතුවෙන් සිවිල් වැසියන් සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති අතර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

බලුකිස්තානය දිගු කලක් තිස්සේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳි අතර, 2021 දී කාබුල්හි තලේබාන්වරු නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති එහි ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වයේ තියුණු වැඩිවීමක් සිදුව තිබේ.
2019 දී එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කරන ලද බලුකිස්තාන විමුක්ති හමුදාව (BLA) ඇතුළු බෙදුම්වාදී කණ්ඩායම් ගණනාවක් මෙම කලාපයේ සංවිධානය වී සිට ප්‍රහාර එල්ල කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...